ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි. වඩාත් ලෙන්ගතු වූ බලාපොරොත්තූන් මුදුන් පමුණුවා ගැනීමට යමෙකුට වඩාත් යහපත් වූ අධ්‍යාපනයක අවශ්‍යතාවය දැනේ. මෙකී අවශ්‍යතාවයන් රොටුඹ ගමේ ජගතාව සොයායන කාල වකවානුවක් තුළ එකී අවශ්‍යතාවය සම්පූර්ණකර ගැනීම සඳහා ලියනරත්න නැමැති ගුරුන්නාසේ කෙනෙකු මුණගැසුණි. මහු සමග වඩාත් ලෙන්ගතු වූ ගමේ ජනතාව ඔහු සමග එකතුව අකුරු ශාස්තරය ඉගෙනීම ආරම්භ කරන ලදී. කාලය ගත වීමත් සමඟ ගමේ ජන සංඛ්‍යාව වැඩිවීමත් සමග ගමේ ඉගෙනීමට යොමු වූ සංඛ්‍යාව වැඩිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පාසලක අවශ්‍යතාවය එකල සිටි ගමේ ප්‍රභූන්ට දැනුණි. ඒ අනුව මූලිකත්වය ගත් දොන් හෙන්ද්‍රික් ජාසිං දිසානායක කොර්නර් රාලහාමි සහ දොන් සයිමන් ජයසිංහ පොලිස් ඔෆිසර් රාලහාමි සහ තවත් ගමේ ප්‍රභූන් එකතු වී රොටුඹ පාසල ආරම්භ කරන ලදී. මෙහි ආරම්භය 1906 තරම් ඈත ඉතිහාසයකට නෑකම් කියයි. ළමුන් හත් දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම විදුහලේ මුල් ගුරුවරයා ලෙස වාර්තා වන්නේ කොකාවල ඉස්කෝලෙ මහත්මයා නම් කෙනෙකි.
මෙම පාසල කාලයත් සමග රජයේ භාරයට පත්වුණි. මුල් කාල වකවානුවේදී පිරිමි විද්‍යාලයක් ලෙස ආරම්භ වූ මෙම විදුහල කාන්තා අධධ්‍යාපන අවශ්‍යතා උදෙසා කාන්තා විද්‍යාහලයක් ද ආරම්භ වුණි. ඒ අනුව පිරිමි සහ ගැහැණු වශයෙන් පාසල් දෙකක් ලෙස පාලහය සිදුවිය. එම පාසල Rotumba Government Boy |School සහ Rotumba Government Girls School ලෙස නම් විය. පාසල් ගොඩනැගිලි පොල් අතු සෙවිලි කර කටුමැටි ගසා සකස්කර තිබුණි. ගුරු භවතුන් සඳහාද තාවකාලික නිවාස ඉදිකොට තිබුණි.
පැහැදිලිව ලිඛිත තොරතුරු ලබාගත හැක්වූයේ 1946 ජනවාරි 26 වන දින සිටය. මේ වන විට විද්‍යාලය විශ්‍ර පාසලත් බවට පත්ව ඇත. එදින සිට 1959 ජනවාරි 05 දක්වා මෙහි මුල් ගුරුවරයා වූයේ ඩී. ඩර්, ජේ. රත්නායක මහතාය. එතුමා වසර 13 කට ආසන්න කාලයක් තම දහඬිය ශ්‍රමය කැප කොට රොටුඹ විදුහල් මැණියන් පෝෂණය කිරීමට මහත් පරිශ්‍රයක් දැරිය. එම කාලය වන විට පොල් අතු සෙවිලි කළ ගොඩනැගිලි වෙනුවට සිංහල උළු සෙවිලි කළ ගොම මැටි යෙදූ ගෙබිමක් සහිත තරමක් පහසු ගොඩගැගිලී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොදා ගැනීමට හැකිවිය. සිසුන් 100 ට අසන්න සංඛ්යාවක් මෙම කාත්‍රයේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් වේ.
ඉන් අනතුරුව එලඹියේ ජේ. එස්. දසනායක මුල් ගුරුතුමාගේ පාලන අවධියයි. 1959 ජනවාරි 05 දින සිට 1959 මාර්තු 01 දින දක්වා ඉතා කෙටි කලක් මෙතුමා මෙම විදහලයේ සේවය කළේය.
විද්‍යාලයේ කීර්තිමත් යුගය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එනම් 1959 මාර්තු පළවන දින සිට කෝදාගොඩ ගමගේ දොන් හෙන්ද්‍රික් මහතා මෙම විදුහලේ විදුහල්පති ධුරයට පත්වීමයි. ගමේ ජනතාවට දැනෙන යමක් කරමින් එදා නගරයට පමණක් සීමා වූ අධ්‍යාපනය ග්‍රාමීය ජනතාවට සේන්දු කරමින් තමාගේ මුළු මහත් කාලයම කැපකරමින් රොටුඹ ගමේ දුවා දරුවන්ගේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ නිමි වළලු පුළුල් කිරීමට එතුමා ගත් මෙහෙය ඉතා ප්‍රශංසනීයයි. එතුමාගේ කාලයේදී පාසලේ භෞතික හා අධ්‍යාපනික දියුණුව ඉතා උසස් අන්දමින් සිදුවිය.
මෙතුමාගේ සේවා කාලයේදී එතුමාගේ ප්‍රිය භාර්යාව වූ වයි. පී. ඒ. රාම වික්‍රම (ලොකු ඉස්කෝලේ හාමිනේ) මැතිනිය ගෙන් සිදු වු සේවාවද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
එතුමා එකල රොටුඹ ග්‍රාම සංවර්ධන සමිතිය හා එක්ව දැනට අංක 01 ශාලාව ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඉදි කරන ලදී. මෙය මෙම විද්‍යාලයේ ඉදිවූ ප්‍රථම ස්ථිර ගොඩ නැගිල්ල ලෙස වාර්තා වේ. ඒ සමග විදුහල්පතිතුමාට නැවතීම සඳහා එම ගොඩනැගිල්ලට යාබ්දව තාවකාලික ගුරු නිවසක් ඉදිකළ බවද වාර්ථා වේ. ඉන් අනතුරුව දැනට අංක 01 ලෙස හඳුන් වන ස්ථිර ගුරු නිවස ඉදිකරණ ලදී. මෙතනින් නොනැවතුන භෞතික සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දැනට ප්‍රාථමික අංශයේ තිබෙන ඇස්බැස්ටෝස් වහලය සහිත ගොඩනැගිල්ල රජයේ අනුග්‍රහය ඇතිව ඉදිකරන ලදී. අනතුරුව අංක 4 ලෙස සැලකෙන ශාලවද අංක 02 හා 03 ගුරු නිවාසද ඉදිකර ගැනීමට එතුමාට හැකි විය.
එකල අධ්‍යාපනික දියුණුවද ඉතා ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස 1970 නොවැම්බර් මස 01 වන දින රොටුඹ විද්‍යාලය , මහා විද්‍යාලයක් බවට පත්විය. අධ්‍යාපනික සංවර්ධනයේ ප්‍රථිපලයක් ලෙස රොටුඹ පමණක් නොව අවට ගම්මාන වල දරුවන් ද මෙහි අධ්‍යාපනය ලැබූ බවට අතීත තොරතුරු සාක්‍ෂි දරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපනය ලත් දරුවන් රාශියක් ලක්මවට දායාද කිරීමට විදු මව සමත්විය.
හෙන්ද්‍රික් යුගය ලෙස අදත් ජන වහරේ පවතින මෙම යුගය විද්‍යාලයේ දරුවන් සාහිත්‍ය, සෞන්දර්ය, ක්‍රීඩා ආදී ක්‍ෂෙත්‍රයන්ගෙන් උසස් ජයග්‍රහන හිමි කරගෙන ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවීමත් සමගම පාලනයේ පහසුව සඳහා 1971 අගෝසතු 01 දින සිට රොටුඹ මහා විද්‍යාලය සහ රොටුඹ කනිෂ්ඨ විදකලය ලෙස වෙන්ව පැවති බව වාර්ථා වේ. එකල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස ඩී. විතාන මහතා පත්වූ බවද සදහන් වේ. අමිල සේවයක් ඉටුකළ කීර්තිමත් යුගයක පුරෝගාමියා වූ කෝදාගොඩ ගමගේ දොන් හෙන්රික් මුල් ගුරුතුමා 1973 දෙසැම්බර් 31 දින විදුහල්පති ධූරයෙන් විශ්‍රාමගෙන ඇත.
ඉන් පසුව රොදාම් විදුහලේ විදුහල්පති වුයේ සිරිල් රත්නායක මහතාය. මෙතුමා 1976 අගෝසතු 01 දින දක්වා විදුහල්පති තනතුරේ රාජකාර් ආවරණය කළේය. මෙම කාල වකවානුව තුළදී ද විද්‍යාලයේ අධ්‍යාපන හා භෞතික සංවර්ධනය උදෙසා එතුමා කළ මෙහෙයද හවායින් අද ත් හද බැතියෙන් සිහිපත්
පසුව විදුහල්පති පදවිය පී.එල්. අබේවික්‍රම් මහතා විසින් දරන ලදී. එතුමාගේ කාළය ආරම්භ වූයේ 1976 අගෝස්තු 01 දිහදීය. එතැන් පටන් 1986 දෙසැම්බර් 31 දක්වා වසර දහයකට අධික කාලයක් විදුහල්පති ධූරය දරමින් විදුහලේ අධ්‍යාපගීත හා භෞතික සංවර්ධනය සඳහා එතුමා මහත් සේවාවත් සිදුකළේය. ඒය ක්‍ෂෙත්‍රයේ හා හර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමිකර ගැනීමට මෙම කාලයේදී හැකිවීම් විද්‍යාහලය ලැබූ මහත් භාගයකි. මෙකල දරුවන් විශ්වවිදහල අධනපනයට යොමුවීමද විද්‍යාකලය ලැබූ තවත් ජයග්‍රහණයකි.
මාරෝෂරානුඹ ක.වි. විදුහල්පති ධූරය දැරූ ඩී. විතාන මහතාගේ ස්ථාන මාරුවත් සම්ගම් වැඩස විදුහල්පති ධුරයට් ඒ.ජී.ඩී. තොම්සන් මහතා 1977 දෙසැම්බර් 31 දින පත්වූ නමුදු 1978 පෙබ්රවාර් 07 වන දින. කගීෂ්ඨ විද්‍යාග්‍රයේ විදුහල්පති ධූරයට ආර්. එච්.යි. චන්ද්‍රරත්න මහතා පත්කර එවන ලදී. එතුමාගේ හීහු කාලය 1978 පෙබරවාරි 21 දින අවසන් විය. යළින් 1978 පෙබරවාරි 21 දින සිට ඒ.ඊ.ඩී. තොමිසන් මහතා රොටුඹ කහිෂ්ඨ විද්‍යාහලයේ විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. මෙතුමාගේ කාල වකවානුව තුළ රොටුඹ සගීෂ්ඨ විද්‍යාලයේ භෞතික සහ අධකපනික සංවර්ධනයට සිදුවූ සේවයද කෘතවේදීව සිහිපත් කරමි
කාලයාගේ ඇව්‍යමේන් රොටුම මහා විදහලයේ විදුහල්පති පී.එල්. අබේවික්‍රම මහතාගේ ස්ථාන මාරුවත් සමග විද්‍යාහලයට පැමිණි නව විදුහල්පතිවරයා වූයේ ඊ. මුණසිංහ මහතාය. එතුමා 1907 කවාර් 01 දක්වා විදුහල්පති සහතුරේ රජකාරී ඉටුකළ බව වාර්තා වේ. ඉන් අනතුරුව විදුහල්පති තනතුර සඳහා ඩී.ඩී. වීරතුංග මහතා පත්විය. එතුමාගේ කාලය වූයේ 1987 ජනවාරි 15 සිට 1988 ජූර්‍ණ 07 දක්වාය. මෙම වකවානුව තුළදී මාර/රොටුඹ මන විදහලය හා මාර/රොටුඹ කඨිෂ්ඨ විද්‍යාහලය එක් පරිපාලන ව්‍යුහයක් යටතට පත්විය. ඉන් අනතුරුව රොටුඹ කනිෂ්ඨ විද්‍යාහලය රොටුම් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස නම් කෙර්ණි, මෙය ද විද්‍යාලයීය ඉතිහාසයේ වැදගත් සිදුවීමකි.
1988 ජුඩි 30 දින සිට ඩී.ඩී. විරතුංක මහතා ස්ථාන මාරුව ලැබූ හෙයින් විද්‍යාලයේ අභිනව විදුහල්පති ධූරයට පත්වූයේ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා ගුරු භවතකු ලෙසද කටයුතු කළ ලයනල් බැනට් වීරවර්ධන දිසානායක මහතාය. මෙයද රොටුඹේ පාසල් මැණියන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. මෑත කාලීන ඉතිහාසයේ ස්වර්ණමය යුගය හැටියටද මෙය හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. හිටපු ජනාධිපතිති අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතියගේ නවෝදන පාසල් සංකල්පය අනුව එවකට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා වත්මන් සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ගරු අමාතෲ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ අනුග්‍රහයෙන් මාර/රොටුඹ මහා විද්‍යාලය 1996 දී ගවෝදක පාසලක් බවට පත් කර ගැනීමට හැකිවීම මෙතුමාගේ උත්සාහයේ ප්‍රතිථලයකි. මෙතුමාගේ කාලය තුළ සීමා සහිත පර්සරයක් තුළ අධ්‍යාපනය හදෑරූ දරුව්හට අභෞතික සමීපත් හා මානව සම්පත් අතින් ඉතාමත් ඉහළ පරිසරයක් තුළ අධ්‍යාපන කටයුතු වල නිරත වීමට භාගය උදාවිය. අධ්‍යාපන සංවර්ධනයේද ඉතා උසස් ප්‍රතිථල ගෙනදීමට සමත්වීම් විශේෂයෙන් සඳහන් කළ යුතුය.
පාසල් සංවර්ධන සමිතියේද අනුමැතිය ඇතිව මෙතෙක් මාර/රොටුඹ මහා විද්‍යාලය ලෙස නම් කළ මෙම විද්‍යාහලය 2002 ජුනි 17 දින සිට. මාර/රොටුඹ විජයබා මහා විද්‍යාලය ලෙස නම් වෙහස් කිරිම් ද මෙතුමා සිදුකළ සුවිශේෂී කාර්යයකි. දියුණුවූ භෞතික සම්පත් අතර විද්‍යාගාර දෙකක් සහිත දෙම්හල් ගොඩනැගිල්ලක්ද සියළු පහසුකම් වලින් යුතු ශ්‍රවණාගාරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක්ද කාර්යාල කාරය සහිත සහල් ගොඩනැගිල්ලක් ද ඉදිවිය. තවද විද්‍යාලයීය ආරක්‍ෂිත වැට, ජීවිසුම් මාර්ගය, ක්‍රීඩා පිටිය නවීකරණය ආදියද මෙම යුගයේ ඇති විය.
ජාතික අධ්‍යාපන ආයතනයේ අනුග්‍රහය ඇතිව නොවිධිමත් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ පාසල් හැරශීය සිසුන් උදෙසා මැහුම් හා ඒ වැඩ තාක්ෂණ පාඨමාලා ආරම්භ කිරිමේද මේතුමාගේ සුවිශේෂී කාර්යයන් අතරට එක් වේ. මෙතුමාගේ සේවා කාලය 2003 ජූලි 20 දින විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අවසන් විය.
ඒ.පී. පීනසේන මහතා මෙතුමාගේ විහාම යාමෙන් පසුව විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වගකීම භාරගන්නා ලදී. එතුමාද විඳනලය දියුණුව කරා ගෙනයාමට දිවා රෑ නොබලා වෙහෙයීම් අප ගෞරවයෙන් සිහිපත් කරමු. මෙ තුමා මෙම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු හා ගුරුවරයෙකු වශයෙන් සිට මෙම තනතුරට පත්වීම සුවිශේෂී තත්ත්වයකි. මෙතුමාගේ කාලයේදී විදහලයට අංගසම්පූර්ණ පරිගණක ඒකකයක් ලබා ගැනීම්, විදුර් පහසුකම් වැඩිදියුණු කිරීම්, දුර කථන පහසුකම් ලබාගැනීම් ආදිය විශේෂයෙන් සඳහන් කළ යුතුය
සමස්ත ලංකා පෝසටර් චිත්‍ර තරගයෙන් සවෂ්ඨ අංශයේ ප්‍රතිස්ථානය ඇතුළු මාතර දිස්ත්‍රි සමස්ථ ජයග්‍රහණ අටෙන් ජයග්‍රහණ හහස් මෙම විද්‍යාහලයට ළබා නැගීම මෙතුමා ඇතුළු විද්‍යාරලය එක් ල ජයග්‍රහණයකි.
විදුහල්පති ඒ.ඊ. සිහසේන මහතා සහ යෝජජ්ජා විදුහල්පති එස්. වෙල්ගේ (පපාග්‍රහ) වියෝජ්‍ය විදුහල්පති එම්.ඩී., ආර්යසිරි (අධ්‍යාපන සංවර්ධන) යහ මහවරය හා අචාර්ය මන්ත්‍රයේ ආදී සතුන් දෙමව්පියන්ගේ හා දයාබර දරු දැරියක‍් ඉම්හත් කැපවීමෙන් විදුහල් මැණියන්ට හරසර දක්වන ජීරන නමරුවට අපගේ ගෞරවණීය ප්‍රණාමය