සැරදේ හෙළඹර සදසේ
ලොව කිතු කැලුමන් විහිදා
රුහුණු රොටුඹ විදුහල් මතා
යහමග අප යවනා නිතෝරෙ
පැතිරි පවතින කදු පෙල අතරේ
වැජඹෙන රැජිනී,
රොටුඹ අපේ විදුහල් මැණී
තෙද ඔද ජය බලපා සැරදේ,
එක මවකගෙ දරුවන් සෙ ඔබ තුරුලේ වැඩෙනා
ගුණදම් ජාතික සිරිත් විරිත් වඩවමු නිතිනා
මහ විරුවෝ,ලේඛකයෝ,ලොව අගතැන් ලැබුව්වෝ
බිහිවෙවා ඔබ සෙවනේ චින්තකයෝ පඩුවෝ
සැරදෙ හෙළඹර................//
අවිදු අදුර මැඩ නැණ ඇස එලිකොට අපගේ
වියතුන් වන දරුවන් ලෙස තනනුය අප ඔබගේ
ජය වෙවා!සැරදෙවා! දින දින වොරැදේවා!
පිබිදෙවා මව් සද විදුහල් සදා දිනේවා..........//
සැරදෙ හෙළඹර................//